කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කෙරේ
2024-05-15 18:27:21
Share with:

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර ගැනේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට ඒ සඳහා උපදෙස් දී ඇත. ප්‍රමුඛතාව හඳුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත ය. 

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර පිටුදැකීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් අරඹා ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය කෙටි, මධ්‍ය හා දිගුකාලීන වශයෙන් අදියර 03 ක් යටතේ ක්‍රියාවට නැංවේ.  නගර අලංකරණ ව්‍යාපෘති, ජලාපවහන හා නඩත්තු සේවා වැඩිදියුණු කිරීම, ජලපෝෂක ප්‍රදේශවල පහසුකම් නැංවීම හා පාරිසරික සම්පත් සංවර්ධනය කිරීම ද මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම