පිලිපීනය තම රටේ කරුණාවන්තභාවය අවභාවිත කළහොත්‍ නීතිමය පියවර ගන්නා බව චීනය කියයි
2024-05-15 17:32:28
Share with:

 පිලිපීනය තම රටේ කරුණාවන්තභාවය අවභාවිත කළහොත්, නීතියට අනුකූලව ක්‍රියා කරන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී ය.

පිලිපීන සිවිල් වැසියන් 200 ක් පමණ රැගත් වෙළඳ ධීවර නෞකා පහක් එර‍ට සිට හුවාන්යෑන් දූපත වෙත යාත්‍රා කර ඇති බවත්, මතභේද පවතින මුහුදු කලාපයේ තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම යාත්‍රාවේ අරමුණ වන්නේ යැයි අදාළ පිලිපීන සංවිධානය පවසා ඇති බවත් මාධ්‍යවේදියෙක් එහිදී පැවසීය. ඒ පිළිබඳව චීනය අවධානය යොමු කර ඇත්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

හුවාන්යෑන් දූපත චීන භූමියට අයත් කොටසක් බව වං වෙන්බින් මහතා පැවසීය. පිලිපීනයේ කුඩා ධීවර නෞකා සුළු සංඛ්‍යාවක් හුවන්යෑන් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන්, 2016 වසරේ දී චීනය කරුණාවන්තභාවය ගරු කරමින් ඊට නිසි ක්‍රමවේදයක් සැකසීය. එමෙන්ම එහිදී පිලිපීන ධීවරයන්ගේ ක්‍රියාකාරකම් පාලනය සහ අධීක්ෂණය නීත්‍යනුකූලව සිදුකරනු ලැබීය. පිලිපීනය චීනයේ කරුණාවන්තභාවය අයුතු ලෙස යොදා ගතහොත්, චීනය නීතියට අනුව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි වං වෙන්බින් මහතා කියාසිටියේය. එහි වගකීම හා ඉන් ඇති විය හැකි ප්‍රතිඵල පිලිපීනයට භාර ගැනීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම