"තායිවාන බෙදුම්වාදීන්ට" එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හඳුන්වා දීමට චීනයෙන් සූදානමක්
2024-05-15 14:54:45
Share with:

"තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වය" ප්‍රවර්ධනය කරන ක්‍රියා සහ අවිධිමත් ක්‍රියාවල නිරත වැරදිකරුවන්ට දඬුවම් කිරීමට චීනය නීතිමය ක්‍රියාමාර්ග හඳුන්වා දෙන බව තායිවාන කටයුතු පිළිබඳ රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා අද(15) ප්‍රකාශ කළේය. චීනය බෙදා වෙන් කරන හෝ ඒ සඳහා පෙළඹවීමක් ඇති කරන සියලු උත්සාහයන් ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

"තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වය" යනු සමස්ත චීන ජාතියේ යහපත් අභිලාෂයන් පාවාදීමකි. එමෙන්ම එය ජනතාවගේ කැමැත්තට ද පටහැනි වන අතර එය රටේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ද බරපතල ලෙස අනතුරේ හෙළීමක් බව හෙතෙම පැවසීය.

එවැනි උත්සාහයන් කිසිවිටක ඉවසා නොසිටින අතර, ඉදිරියටත් එවැනි ක්‍රියාවන් දෙස අවධානයෙන් බලා සිටින බව ද Chen Binhua මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම