සංක්‍රමණ හා සරණාගතයින් පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ නව සැලැස්ම යුරෝපා සංගම් කවුන්සලය සම්මත කරයි
2024-05-15 11:08:11
Share with:

යුරෝපයේ සංක්‍රමණ හා සරණාගතයින් පිළිබඳ නීතිය ප්‍රතිසංස්කරණ කිරීමේ නව සැලැස්ම යුරෝපා සංගම් කවුන්සලය ඊයේ(14) නිල වශයෙන් සම්මත කළේය. ඒ, කාර්යක්ෂම මෙන්ම සමාන ක්‍රම ස්ථාපිත කිරීම, පුද්ගලයන් ඇතුළු වීම ක්‍රමිකව පාලනය කිරීම හා සාමාජික රටවලට සාධාරණව වගකීම් බෙදා හැරීම වෙනුවෙනි.

නීති සම්පාදනය කිරීමේ පනත් 10ක් මෙම ප්‍රතිසංස්කරණ සැලැස්මට ඇතුළත් වන බව යුරෝපා සංගම් කවුන්සලය ප්‍රකාශ කළේය. සන්ධිස්ථානගත අවස්ථාවක් ලෙස සැලකිය හැකි මෙම ප්‍රතිසංස්කරණ සැලැස්ම, වත්මන් යුරෝපා සංගමයේ සරණාගතයින් හා සංක්‍රමණික ක්‍රමයට අදාළව ක්‍රියාත්මක කෙරෙන සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකි. සරණාගතයින් පිළිගැනීමේ කොන්දේසි, ක්‍රියාපටිපාටි, සරණාගතයින් සංක්‍රමණය පාලනය, පවතින අර්බුද පාලනය ඇතුළු විවිධ අන්තර්ගතයන් ඊට ඇතුළත් කර ඇත. සාමාජික රටවල් එළඹෙන වසර දෙක තුළ මෙම නීති නිසි පරිදි ක්‍රියාවට නංවනු ඇතැයි යුරෝපා සංගම් කවුන්සලය අපේක්ෂා කරයි.

2015 වසරේ සිරියාවේ හා ඉරාකයේ සරණාගතයින් මිලියනයටක වැඩි පිරිසක් යුරෝපයට ප්‍රවේශ වී තිබේ. ඒ වෙනුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවලට නිසි සූදානමක් නොතිබූ හෙයින් සරණාගතයින් වෙනුවෙන් වන පද්ධතිය බිඳ වැටී ඇත. ඉන් පසු යුරෝපා සංගමය සංක්‍රමණ හා සරණාගතයින් වෙනුවෙන් වන රෙගුලාසි සංශෝධනය කිරීමේ සැලසුම් ආරම්භ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම