චීන සංචාරක ඒජන්සිවල අනුමැතිය ලද කෲස් නෞකාවලින් පැමිණෙන විදේශිකයන්ට නිදහස් වීසා ප්‍රතිපත්තිය අද (15) සිට බලාත්මකයි
2024-05-15 13:59:48
Share with:

චීන සංචාරක ඒජන්සි විසින් පිළිගන්නා ලද, කෲස් නෞකාවලින් පැමිණෙන විදේශිකයන් සඳහා චීනය නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. චීනයේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාතික මහා පරිපාලනය මීට අදාළව අද (15) නිවේදනයක් නිකුත් කර ඇත.

චීනයේ සියලු කෲස් නෞකා වරායන්හි අද (15)  සිට එම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව, චීන සංචාරක ඒජන්සි විසින් පිළිගන්නා ලද, කෲස් නෞකාවලින් පැමිණෙන සාමාජිකයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනෙකුගෙන් සමන්විත විදේශ සංචාරක කණ්ඩායම්වලට චීනයේ නගර 13 ක කෲස් නෞකා වරායන් ඔස්සේ වීසා රහිතව චීනයට ඇතුළු විය හැකි ය. එසේ වීසා රහිතව පැමිණෙන අයට චීනයේ වෙරළබඩ පළාත් හා බෙයිජිං අගනුවර තුළ පමණක් රැඳී සිටිය හැකි වේ. නව ප්‍රතිපත්තිය අනුව විදේශිකයෙකුට චීනයේ රැඳී සිටිය හැකි උපරිම කාලය දින 15ක් බව ද එම නිවේදනයේ දැක්වේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම