රුසියානු ජනාධිපතිවරයා සිය නව රජයේ ප්‍රධානීන්ගේ ලැයිස්තුව අනුමත කරයි
2024-05-15 11:11:15
Share with:

රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා ඊයේ(14) නියෝගයකට අත්සන් කරමින්, එරට නව රජයේ සාමාජිකයින්ගේ සහ ඒ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ලැයිස්තුව අනුමත කළේ ය.

රුසියානු ජනාධිපති මාධ්‍ය අංශයේ වාර්තාවලට අනුව, අග්‍රාමාත්‍යවරයාට අමතරව, නව රජයට නියෝජ්‍ය අගමැතිවරු 10 දෙනෙකු සහ ඇමැතිවරු 21ක් ද ඇතුළත් ය.

සිය පස්වැනි ජනාධිපති ධුර කාලය ආරම්භ කරමින් Putin මහතා පසුගිය 7 වැනිදා ක්‍රෙම්ලිනයේ දී දිවුරුම් දුන්නේ ය. හෙතෙම පසුගිය 10 වැනිදා නව රජයේ අගමැති ලෙස Mikhail Vladimirovich Mishustin මහතා නිල වශයෙන් පත් කළේ ය. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා පසුගිය 11 වැනිදා නියෝගයකට අත්සන් කරමින්, Mishustin මහතා විසින් ඉදිරිපත් කරන ලද නව රජයේ ව්‍යුහාත්මක සැලැස්ම ද අනුමත කළේ ය. අනතුරුව, Mishustin මහතා රුසියානු රාජ්‍ය Duma සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත නව රජයේ ඇමතිවරුන් තෝරා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේ ය. එය රාජ්‍ය Duma සභාව අනුමත කිරීමෙන් පසු, රුසියානු ජනාධිපතිවරයා අදාළ පත් කිරීම් සිදු කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම