බ්‍රිතාන්‍යය ජාතික ආරක්ෂාව අවභාවිත කරමින් ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-05-14 10:40:47
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍යය ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින්, චීන පුරවැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ හොංකොං විශේෂ පරිපාලන රජයට මඩ ගැසීම  හෙළා දකී.

බ්‍රිතාන්‍ය පොලිසිය ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින්, හොංකොං විශේෂ පරිපාලනයේ ඔත්තු ඒජන්සියට ආධාර සැපයූ බවට පවසමින් චීන පුරවැසියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝණය කර ඇති අතර, ව්‍යාජ චෝදනා එල්ල කරමින් ඊනියා නඩු ගොනු කරන බවයි. බ්‍රිතාන්‍යය හොංකොං විශේෂ පරිපාලන රජයට එරෙහිව පදනම් විරහිත මඩ ගැසීම් සම්බන්ධයෙන්, චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවද, චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම