ලෝක සෞඛ්‍ය සම්මේලනයට තායිවාන ප්‍රදේශය සහභාගි කරවීම සඳහා ඇමරිකාවට ඇති උවමනාව 'දේශපාලන ප්‍රහසනයක්' පමණකි
2024-05-14 21:32:17
Share with:

77 වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ඊයේ (13) අවසන් විය. තායිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම  එහිදී අනුමත නොකෙරිණ. තායිවාන ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය “ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීම” සඳහා දරන ලද ප්‍රයත්න 8 වතාවක දී පරාජය වී තිබේ.

ඇමරිකාව හා තායිවාන ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය එක්ව දරන එම උත්සාහයන් පරාජයට පත්වීමට බලපාන හේතු මොනවාද ? ඊට බලපාන කරුණු තුනක් පැහැදිලිව ඉදිරිපත්  කළ හැකිය.

පළමුවෙන්ම, චීන මධ්‍යම රජයේ අවසරයකින් තොරව තායිවාන ප්‍රදේශයට ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීම සඳහා කිසිදු තත්වයක් හෝ අයිතියක් නැත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අංක 2578 සහ ලෝක සෞඛ්‍ය සම්මේලනයේ අංක 25.1 දරන තීරණයන් ට අදාළ මූලධර්මය අනුව, සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය චීන මහජන සමූහාණ්ඩුවයි.

දෙවැනි කරුණ නම්, චීන මධ්‍යම රජයට තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස වාසය කරන ජනතාව, එකම පවුලේ අය වේ. තායිවාන ප්‍රදේශයට ගෝලීය සෞඛ්‍ය කටයුතුවලට එක්වීම සඳහා අවශ්‍ය පසුබිම චීන මධ්‍යම රජය නිසි ලෙස සකස් කර ඇත.

තුන්වෙනුව, තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීම සඳහා සහාය දීම ඇතැම් ඇමරිකානුවන්ගේ දේශපාලන ක්‍රීඩාවක් පමණි. මෙම වසරේ ඇමරිකානු මහ මැතිවරණය පැවැත්වේ. ඒ අනුව, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයෝ සුපුරුදු පරිදි එම ක්‍රීඩාවේ නිරත වෙමින් වැඩියෙන් ඡන්ද දිනා ගැනීමට උත්සාහ දරති. එසේම, එකම චීනය මූලධර්මයට එරෙහි වීමේ මාර්ගයක් ලෙස, තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීමට සහාය දෙන ඇමරිකාව, තායිවාන සමුද්‍ර සන්ධි දෙපස වත්මන් තත්ත්වය හා ඊනියා ‘ජාත්‍යන්තර පටිපාටිය’ අර්ථ දැක්වීමේ බලය තමා වෙත නතුකර ගැනීමට වෑයම් දරමින් සිටී.

කෙසේවෙතත් ඇමරිකාව, තායිවාන ප්‍රදේශය ලෝක සෞඛ්‍ය සම්මේලනයට එක්වීම සඳහා සහාය වීම’ දේශපාලන ප්‍රහසනයක් ම පමණකි. එකම චීනය මූලධර්මය ජාත්‍යන්තර තලයේ පොදු අපේක්ෂාවක් මෙන්ම චීන එක්සත්භාවයේ ඓතිහාසික ප්‍රවණතාවක් මෙහිදී යළිත් තහවුරු වී තිබේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම