චීන-දකුණු කොරියා විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
2024-05-14 11:29:02
Share with:

චීන-දකුණු කොරියා විදේශ ඇමතිවරු සාකච්ඡාවක් පවත්වති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඊයේ(13) බෙයිජිං නුවර දී දකුණු කොරියානු විදේශ ඇමති Cho Tae-yul මහතා හමු විය.

එහිදී චීන විදේශ ඇමතිවරයා පැවසුවේ අසල්වැසි රටවල් වන චීනය හා දකුණු කොරියාව අතර සම්බන්ධතා අඛණ්ඩ ව පැවතිය යුතු බවයි. මෑතක දී දෙරට සබඳතාව දුෂ්කරතාවන්ට හා අභියෝගයන්ට මුහුණ දී ඇත. මෙය ද්විපාර්ශ්වික පොදු ප්‍රතිලාභවලට අනුකූල නොවෙයි. චීනය සමග එක්ව, පොදු ප්‍රයත්න තුළින් බාධා මගහරවා දෙරට සබඳතාව නිසියාකාරයෙන් හා තිරසර අයුරින් ඉදිරියට ගෙන යාමට දකුණු කොරියාවට හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං යී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු කොරියානු රජය චීනය සමග පවත්වන සබඳතා ඉහළින්  සලකන බව එරට විදේශ ඇමතිවරයා පැවසීය. චීනය සමග එක්ව, අන්‍යෝන්‍ය විශ්වසනීයත්වය, එකඟතා හා සහයෝගිතා තහවුරු කිරීමට තම රට කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම කියා සිටියේය.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම