පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්
2024-05-14 16:54:29
Share with:

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනමයි.

ලබන ජූනි පළමුවැනිදා සිට 29 වැනිදා  දක්වා ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20/20  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීම සඳහා සුබපැතුම් පිරිනැමීය.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14)  දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම