චීන නායකයාගේ මග පෙන්වීමෙන් ආහාර නිෂ්පාදනාගාරයක් බවට පත් වූ ෆූජියන් පළාත
2024-05-14 20:25:11
Share with:

දකුණු චීනයේ ෆූජියන් පළාත, භූගෝලීය වශයෙන් කඳුකර කලාපයක් වන අතර, වගා කළ හැකි බිම් ප්‍රමාණය ඉතා අඩු ප්‍රදේශයක් ලෙස පැවතිණ. එහි ඒකපුද්ගල වගාබිම් ප්‍රමාණය රටේ සාමාන්‍ය මට්ටමෙන් හතරෙන් එකක් පමණ විය. අසූව දශකය වන විට එහි ආහාර හිඟයක් පවා පැවතිණ. එහි වූ එළවළු වර්ග ද බෙහෙවින් ඒකාකාරී වීම නිසාත්, වාර්ෂිකව පිට පළාත්වලින් ධාන්‍ය හා එළවළු විශාල ප්‍රමාණයක් හඳුන්වා දීමට සිදුවිය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ෆූජියන් පළාතේ රාජකාරි කළ කාලයේ දී මේ තත්ත්වයට පිළියම් ලෙස ‘ආහාර පිළිබඳ විස්තීර්ණ ආකල්පය’ ප්‍රථම වරට ඉදිරිපත් කළේය. එනම්, ආහාර නිෂ්පාදනය ස්ථාවර ව වර්ධනය කරමින් කෘෂි, වනාන්තර, එ‍ඬේර, උපආහාර හා ධීවර යන කර්මාන්ත මුළුමනින්ම සංවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයකි. 

‘අතීතයේ අප ආහාර ලෙස හැඳින්වූයේ, වී, තිරිඟු, ඉරිඟු වැනි තෘණ බෝග පමණයි. එහෙත් දැන් විවිධ මස් වර්ග, බිත්තර, කිරි, මාළු, පලතුරු, බිම්මල් සහ තේ යන මේ සියල්ලම ආහාරවලට ඇතුළත් විය යුතුයි’ යනුවෙන් ‘මහා කෘෂි කර්මාන්තය පිළිබඳ මාර්ගයක් ආරම්භ කිරීම’ මැයෙන් යුතු සිය ලිපියෙන් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ ය. 

වසර 2001 දී ෆූජියන් හි පළාත් ප්‍රධානි ධුරය හෙබවූ ෂී ජින්පිං මහතා  එහි කෘෂිකර්මාන්ත ව්‍යුහය සැකසීම පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් මාලාවක් ඉදිරිපත් කළේය. ‘ආහාර පිළිබඳ විස්තීර්ණ ආකල්පය’ද එහිදී තහවුරු කරනු ලැබීය. ධාන්‍ය නිෂ්පාදන සුරක්ෂිතතාව සහතික කරමින් ප්‍රාදේශීය ලක්ෂණ සහිත කෘෂි නිෂ්පාදිත වැඩියෙන් ගවේෂණය කළ යුතු බව එහිදී පෙන්වා දී තිබේ. ෂී ජින්පිං මහතා ෆූජියන් පළාතේ සේවය කළ යුගයේ එහි ජලජ නිෂ්පාදන, තේ, මල්, එළවළු වගා සහ වනවගා යන කර්මාන්ත ක්‍රමයෙන් සවිබල ගන්වනු ලැබීය.

ගෙවී ගිය වසර 30 කට වැඩි කාලයක් ඇතුළත එම ‘ආහාර පිළිබඳ විස්තීර්ණ ආකල්පය’ට අනුකූලව ෆූජියන් පළාත, තම ප්‍රදේශයට ආවේණික කෘෂිකර්මාන්තය සාර්ථකව සංවර්ධනය කර තිබේ. වසර 2023 වනවිට එම පළාතේ මස් නිෂ්පාදනය ටොන් මිලියන 3.11කි. ජලජ නිෂ්පාදිත ප්‍රභේද ගණන 120 ඉක්මවා ගොස් තිබේ. එසේම, ඒකපුද්ගල ජලජ නිෂ්පාදිත හිමිකම, රටේ පළමු ස්ථානයේ පසු වේ. ආහාරයට ගත හැකි බිම්මල් වගා කර්මාන්තය, ශුන්‍ය අගයේ සිට රට පුරා වැඩිම වර්ග වගා කරන ප්‍රදේශය බවට වර්ධනය වී තිබේ. මේ අනුව, ෆූජියන් පළාත උතුරු චීනයට එළවළු සපයන ප්‍රධාන මූලස්ථානයක් හා චීනයේ ප්‍රධානම එළවළු අපනයන පළාත බවට පත් වූයේ චීන නායකයා හඳුන්වා දුන් ‘ආහාර පිළිබඳ විස්තීර්ණ ආකල්පය’මැනැවින් ක්‍රියාවට නැංවූ නිසා බව කිව යුතුම ය.  

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම