සිංගප්පූරු අගමැතිවරයා ඉල්ලා අස්වෙයි
2024-05-14 11:26:20
Share with:

සිංගප්පූරු අගමැති  Lee Hsien Loong මහතා  සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි. ඊයේ (13)  සිංගප්පූරු ජනපති මන්දිරයේදී ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Tharman Shanmugaratnam මහතා වෙත බාර දුන්නේ ය.ඒ සමග  Lee Hsien Loong මහතා සහ ඔහුගේ රජය ඉල්ලා අස් වනු ඇත.

Tharman Shanmugaratnam ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් බාර ගෙන තිබේ. එම ඉල්ලා අස්වීම් හෙට (15) සිට ක්‍රියාත්මක බවත්, Lawrence Wong මහතා නව අගමැතිවරයා වශයෙන් පත් කිරීමට තීරණය කළ බවත්, ඔහු ප්‍රකාශ කර ඇත. සිංගප්පූරු‍වේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දීමට ද නියමිත ය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම