අඩිස් අබාබා - ජිබුටි දුම්රිය මාර්ගය සමෘද්ධියේ මාවතක් බවට පත්කිරීම සඳහා කැප වී ක්‍රියාකරන බව චීනය කියයි
2024-05-14 18:49:55
Share with:

අඩිස් අබාබා - ජිබුටි දුම්රිය මාර්ගය, පොදු ජයග්‍රාහී සහයෝගීතාව නංවන සමෘද්ධියේ මාවතක් බවට පත්කිරීම සඳහා ඉතියෝපියාව හා ජිබුටි රාජ්‍යය සමග කැප වී ක්‍රියාකරන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. එම දුම්රිය මාර්ගයේ 6 වසරක ජයග්‍රහණ සහ අනාගත අපේක්ෂා පිළිබඳ මාධ්‍ය හමුව මෙන්ම භාරදීමේ උත්සවය පසුගිය 10 වැනිදා ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර දී පැවැත්විණ.

එම දුම්රිය මාර්ගය අදාළ රටවල් තුනේ ක්‍රියාත්මක “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රධාන ව්‍යාපෘතියක් බව ද හෙතෙම පැවසීය. ඉදිකිරීම් නිම කිරීමෙන් පසු, එමගින් රැකියා 55,000 කට වඩා ලබා දී ඇති අතර, ඉතියෝපියාව හා ජිබුටි රාජ්‍යය අතර සම්බන්ධතා ප්‍රශස්ත තත්ත්වයකට පත්වීම කැපීපෙනේ. එසේම, එය ඉතියෝපියාවේ සහ ජිබුටි රාජ්‍යයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට ප්‍රබල ශක්තියක් ලබා දී ඇති බව ද Wang Wenbin මහතා  පෙන්වා දුන්නේය.

ඉතියෝපියාව සහ ජිබුටි රාජ්‍යය සමඟ එක්ව, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ චීන-අප්‍රිකානු සම-ඉදිකිරීම්වල උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කරන චීනය, දෙපාර්ශ්වයේ පොදු සංවර්ධනයට අඛණ්ඩව දායක වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම