" චීන සන්නාම දින මාධ්‍ය සත්කාරය - 2024" චීන මාධ්‍ය සමූහයේ මෙහෙයවීමෙන් බෙයිජිං හිදී
2024-05-14 19:21:30
Share with:

චීන මාධ්‍ය සමූහය සංවිධාන කළ " චීන සන්නාම දින මාධ්‍ය සත්කාරය - 2024" සාර්ථකව පැවැත්වේ.

"චීන සන්නාම දින මාධ්‍ය සත්කාරය" නමැති බහුමාධ්‍ය වැඩසටහන අද (14) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී කියාසිටියේ, ලොව විශාලතම මෙන්ම මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවකින් සමන්විත, අතිශය පුළුල් ආවරණ හැකියාවකින් යුතු විස්තීර්ණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස චීන මාධ්‍ය සමූහය ජාතික මට්ටමේ මාධ්‍ය වේදිකාව මගින් දේශීය වෙළඳ සන්නාම අඛණ්ඩව ප්‍රචාරය කිරීමට කැප වී සිටින බවයි.

චීනයේ පුරාණ සංස්කෘතිය මෙන්ම නවෝත්පාදන සංයෝග වී ඇති නව සන්නාම යටතේ නිපැයෙන භාණ්ඩ චීන මාධ්‍ය සමූහය මගින් ප්‍රචාරය කෙරෙන අතර, පරිභෝජනය ද ප්‍රවර්ධනය කර ඇත. චීන මාධ්‍ය සමූහයට අයත් භාෂා 80 ක සේවා සහ විදේශ රටවල පිහිටි ශාඛා මාධ්‍ය මධ්‍යස්ථාන 192 ක් ඒකාබද්ධ කරමින් සන්නිවේදන ප්‍රතිලාභ තවදුරටත් ප්‍රවර්ධනය කර, චීන සන්නාම ලෝක ප්‍රසිද්ධ සන්නාම බවට පත්කිරීමට උපරිම සහයෝගය ලබාදෙන බව ද හෙතෙම පැවසීය.

Xiaomi, COFCO, Moutai සහ Yihai Kerry වැනි ප්‍රධාන චීන ව්‍යවසායන් හි නියෝජිතයෝ මෙම වැඩසටහනට සහභාගි වූහ.



ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම