නව බලශක්ති ක්ෂේත්‍රයේ චීනය ලද සාර්ථකත්වය වසර ගණනක අඛණ්ඩ ප්‍රයත්නයන් හි ප්‍රතිඵලයකි
2024-05-14 18:50:55
Share with:

 විදුලි වාහන ඇතුළු නව බලශක්ති ක්ෂේත්‍රයේ ‘අතිරික්ත චීන නිෂ්පාදන ධාරිතාවක්’ පිළිබඳ  ඊනියා අදහස ඇමරිකානු මුදල් ලේකම්වරිය එරට මාධ්‍ය සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී යළිත් වරක් සඳහන් ක‍ර තිබේ. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (14) පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ඊට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි. 

ඇමරිකානු විග්‍රහය අනුව, ඔවුන් සිය කර්මාන්තවලට දීමනා ලබා දුනහොත්, එය ආයෝජන නැංවීම සඳහා වන අතිශය වැදගත් ක්‍රියාමාර්ගයකි. වෙනත් කිසියම් රටක් එවැනි පියවරක් ගතහොත්, එය ‘කණස්සල්ලට තුඩුදෙන අසාධාරණ තරගයකි’. ඇමරිකාව ලෝකයට තම ප්‍රධාන නිෂ්පාදිත අපනයනය කිරීම, ‘නිදහස් වෙළඳාමක්’ වන නමුත් සෙසු රටවල එවන් අපනයන, අතිරික්ත නිෂ්පාදනයේ ප්‍රතිඵලයක් ලෙස අර්ථ දැක්වීම ඔවුන්ගේ පිළිවෙත යි. මෙම ක්‍රියාව චීනයේ පැරණි ජන කියමනක් අනුව විග්‍රහ කළහොත්, ‘වරප්‍රසාද හිමි පුද්ගලයන්ට හිතාමතාම ගිනි ඇවිලීමට පවා හැකි නමුත්, සාමාන්‍ය ජනතාවට ලාම්පුව දැල්වීමට හෝ  ඉඩ නොදීමක්’ වැනි යැයි වං වෙන්බින් මහතා කියා සිටියේය.

විදුලි වාහන, ලිතියම් බැටරි හා ප්‍රකාශ වොල්ටීයතා නිෂ්පාදන ඇතුළු නව බලශක්ති කර්මාන්තයෙන් චීනය මේ වනවිට සැබැවින්ම ශීඝ්‍ර සංවර්ධනයක් සාක්ෂාත් කර සිටී. එම තත්ත්වය දිනාගනු ලැබුවේ අඛණ්ඩ නවෝත්පාදන ප්‍රයත්න, නිෂ්පාදන හා සැපයුම් දාමයන් හි පරිපූර්ණත්වය සහ වෙළඳපොළ තරගයට සාර්ථකව මුහුණදීම යන සාධක මත මිස, ඊනියා දීමනාවක් නිසා නොවන බව ද වං වෙන්බින් මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම