‘චීනයේ විදේශ ව්‍යවසායන් සඳහා වන සමාජ වගකීම් පිළිබඳ ක්‍රියාකාරී වාර්තාව’නිකුත් කෙරේ
2024-05-14 10:31:11
Share with:

‘චීනයේ විදේශ ව්‍යවසායන් සඳහා වන සමාජ වගකීම් පිළිබඳ ක්‍රියාකාරී වාර්තාව’ එළි දැක්වේ.

එම වාර්තාව ඊයේ(13) චීන මාධ්‍ය සමූහය විසින් නිල වශයෙන් නිකුත් කරන ලදි. එම වාර්තාව, 2023 දී ‘චීන ව්‍යවසායන්ගේ සමාජ වගකීම් නිකුතුවේ’ තවත් තේමා වාර්තාවකි.

‘චීනයේ විදේශ ව්‍යවසායන් සඳහා වන සමාජ වගකීම් පිළිබඳ ක්‍රියාකාරී වාර්තාව’එනම් ‘ESG ක්‍රියාකාරී වාර්තාව’ චීනයේ විදේශ ව්‍යවසායන් චීන මාදිලියේ නවීකරණ සංවර්ධනයේ නව අවස්ථා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරයි. එම වාර්තාව, ව්‍යවසායන්ගේ සමාජ වගකීම් පිළිබඳ සංකල්පය ගැඹුරින් ක්‍රියාවට නංවා චීනයේ තිරසර සංවර්ධනයට නව ගම්‍යතාවක් ලබා දීම විශේෂත්වයකි.

චීන ආර්ථික හා සමාජයේ උසස් තත්ත්වයේ සංවර්ධනයට විදේශ ව්‍යවසායන් එක් වීම ප්‍රවර්ධනය කිරීම සඳහා, චීනයේ විදේශීය සමාගම්වලට ඔවුන්ගේ ESG මට්ටම් තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ යෝජනා ද එම වාර්තාවෙන් දක්වා ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම