ගාසා තීරයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායල අගමැති පවසයි
2024-05-14 10:51:36
Share with:

 ඊයේ(13) ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා එරට පැවති " දිවිපිදූ වීරයින්ගේ දිනය" උත්සවයේදී දේශනයක් පවත්වමින් කියා සිටියේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන හමුදා මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඊශ්‍රායලය සිය අරමුණු සාක්ෂාත් කර ගනු ඇති බවත් ය. ඊශ්‍රායල රැඳවියන් නිදහස් කර, පලස්තීන හමාස් සංවිධානයේ යුද ශක්තිය සම්පූර්ණයෙන්ම බිඳ දමන තුරු ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මහතා ද ප්‍රකාශ කර ඇත.

මේ අතර, පසුගිය සතිය තුළ දළ වශයෙන් 360,000 පලස්තීනුවන් රෆා නගරයෙන් පලා ගිය බව මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ සහන කටයුතු පිළිබඳ නියෝජිතායතනය ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. උතුරු ගාසා තීරයට, ඊශ්‍රායලය එල්ල කරන බෝම්බ ප්‍රහාර සහ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝග පලස්තීනයේ පවුල් දහස් ගණනකට භීතිය ගෙන දී ඇති අතර විශාල පිරිසක් අවතැන් වී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම