කෘත්‍රිම බුද්ධිය පිළිබඳ චීන - ඇමරිකානු රාජ්‍ය සංවාදයේ ප්‍රථම රැස්වීම ස්විට්සර්ලන්තයේ දී
2024-05-14 16:43:28
Share with:

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ චීන - ඇමරිකානු රාජ්‍ය සංවාදයේ ප්‍රථම රැස්වීම ස්විට්සර්ලන්තයේ දී පැවැත්වේ.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය. දෙරට නායකයන් San Francisco හි පැවති හමුවේ දී එළඹුණු වැදගත් එකඟතාවකට අනුව එම රැස්වීම අද (14)  පැවැත්වෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ය. 

කෘත්‍රිම බුද්ධිය හා දෙපාර්ශ්වයේ අවධානය යොමුවන වෙනත් කරුණු සම්බන්ධයෙන් ද එම රැස්වීමේ දී  අදහස් හුවමාරු කෙරෙනු ඇතැයි  වං වෙන් බින් මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම