රුසියානු ජනපති 16 වැනිදා චීනයට
2024-05-14 15:27:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ ආරාධනාවක් අනුව, රුසියානු ජනාධිපති Vladimir Putin මහතා චීනයේ නිල සංචාරයකට එක්වෙයි. 

ඒ අනුව, Putin මහතා ලබන 16 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා  චීනයට පැමිණෙනු ඇත. චීන වි‍දේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (14) මේ බව නිවේදනය කළාය.

මේ අතර, චීන විදේශ අමාත්‍යාංශයේ අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී එහි ප්‍රකාශක වං වෙන්බින් මහතා ද රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කළේය. චීන - රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 සංවරත්සරය මේ වසරට යෙදී තිබේ. එය නිමිති කරගනිමින් ද්විපාර්ශ්වික සබඳතාව හා විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා තර කිරීම සම්බන්ධයෙන් දෙරට නායකයන්ගේ අවධානය යොමුවනු ඇතැයි වං වෙන්බින් මහතා  පැවසීය.  එසේම, පොදු අවධානය යොමුවන ගෝලීය හා කලාපීය අර්බුද පිළිබඳව ද චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, Putin මහතා සමඟ සාකච්ඡා කරනු ඇතැයි හෙතෙම කියාසිටියේය.   

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම