ගාසා තීරයේ සටන් විරාමයක් වහාම අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් යළි ඉල්ලීමක්
2024-05-13 09:37:17
Share with:

ඊශ්‍රායල යුද හමුදා ගාසා තීරය ඉලක්ක කරගනිමින් අඛණ්ඩව යුද මෙහෙයුම් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඊයේ(12) එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සහ එක්සත් ජාතීන්ගේ ආයතන නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළහ.එමෙන්ම ගාසා තීරයේ පවතින මානුෂීය ව්‍යසනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

António Guterres මහතා පසුගිය දා කුවේට් සංචාරයේ දී ප්‍රකාශ කළේ ගාසා තීරයේ පවතින ගැටුම් එහි ජනතාවට දරුණු පීඩා එල්ල කර ඇති බවයි. ඉන් විශාල පිරිසකට නිවාස අහිමිව ඇති අතර ඔවුන් කුසගින්නෙන් පෙළෙමින් සිටී. එමෙන්ම එහි ජනතාව කායික හා මානසික කම්පනයන්ට ලක්ව ඇති බව ද හෙතෙම පැවසීය.එහෙයින් වහාම සටන් විරාමයක් ආරම්භ කරමින් රඳවා ගෙන සිටින පුද්ගලයින් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගැටුම් හා සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම