පලස්තීනය ජගත් සංවිධාන නිල සාමාජිකත්වය කඩිනමින් හිමිකර ගැනීම තම රටේ අපේක්ෂාව බව චීනය කියයි
2024-05-13 19:13:29
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකත්වය හැකි ඉක්මණින් පලස්තීනයට හිමි කරගැනීමට හැකිවනු ඇතැයි චීනය අපේක්ෂාව පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ය. පසුගිය 10 වැනි දා පැවති, ජගත් මහා සම්මේලනයේ 10 වැනි හදිසි විශේෂ සැසියේ දී මේ පිළිබඳ තීරණය සම්මත කෙරුණේ ඊට පක්ෂව ලැබුණු ඡන්ද 143 කිනි. රටවල් 9 ක් අදාළ යෝජනාවට එරෙහි වූ අතර, 25 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. මේ අනුව, ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ’ සඳහන් පරිදි, එම සංවිධාන සාමාජිකත්වය සඳහා අවශ්‍ය නිල සුදුසුකම පලස්තීනය සතු බව සනාථ වී තිබේ. මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති චීනය, අදාළ අයැදුම යළිත් සාකච්ඡා කරන ලෙස ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවේ, මානව සාරධර්මවලට විරුද්ධ ව ක්‍රියා නොකරන ලෙස චීනය ඇතැම් රටවලින් ඉල්ලා සිටින බවයි. පලස්තීනය ජගත් සංවිධානයට එක්වීමට කිසිවෙකු බාධා නොකළ යුතු ය. පලස්තීනය එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරකම් හා සැසිවලට එක්වීම සඳහා එම තීරණය මගින් විශේෂ විධිවිධාන සකසා ඇත. එම පියවර, දිගු කාලයක් තිස්සේ පලස්තීනයට එල්ල වූ අසාධාරණත්වය පිටුදැකීමකි. ඇමරිකාව සිය නිෂේධ බලය අත්තනෝමතික ව භාවිත කිරීමේ ක්‍රියාව ද මෙමගින් නිවැරදි කිරීමට හැකිවනු ඇතැයි ද Wang Wenbin මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම