තායිවාන ප්‍රදේශය මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම අනුමත නොකරන බව චීනය කියයි
2024-05-13 19:19:40
Share with:

තායිවාන ප්‍රදේශය මෙම වසරේ ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගි වීම අනුමත නොකරන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (13) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, ඊට එකඟ නොවීමට චීන පාර්ශ්වය තීරණය කර ඇති බවයි. එහි අරමුණ  වන්නේ එකම චීනය මූලධර්මය මෙන්ම එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ හා ලෝක සෞඛ්‍ය සම්මේලනයේ තීරණවල අධිකාරිත්වය ආරක්ෂා කිරීම බව ද ඔහු කියා සිටියේය. 

එකම චීනය මූලධර්මයට අනුකූලව චීන මධ්‍යම රජය, තායිවාන ප්‍රදේශය ගෝලීය සෞඛ්‍ය කටයුතුවලට එක්වීම පිළිබඳ නිසි සැලසුම් සකසා ඇත. තායිවාන වැසියන්ගේ සෞඛ්‍ය ගැටළු විසඳීමේ දී චීන මධ්‍යම රජය පූර්ණ අවංකභාවයෙන් යුතුව ඒ සඳහා නිසි දායකත්වය ලබා දී තිබේ. එසේම, තායිවාන වැසියන්ගේ සෞඛ්‍ය අයිතීන් සහතික කර ඇතැයි ද වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම