චීන - අරාබි රාජ්‍ය සහයෝගතා සාකච්ඡා සභාවට අදාළ රැස්වීමක් චීනයේ දී පැවැත්වීමට සූදානම්
2024-05-13 18:16:46
Share with:

චීන - අරාබි රාජ්‍ය සහයෝගතා සාකච්ඡා සභාවේ, අමාත්‍ය මට්ටමේ 10 වැනි රැස්වීම චීනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ. චීන විදේශ අමාත්‍යාංශ  ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (13) පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේ ය.

චීන - අරාබි රාජ්‍ය සහයෝගතා සාකච්ඡා සභාවේ 20 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගෙවී ගිය දශක දෙක තුළ දෙපාර්ශ්ව‍යේ නායකයන්ගේ මෙහෙයවීම යටතේ එම සංවාදය චීන-අරාබි රාජ්‍ය අතර සම්බන්ධතාව ප්‍රවර්ධනයට වැදගත් මෙහෙවරක් ඉටු කර ඇති බවත්,  දකුණු -දකුණු සහයෝගතාවේ සාර්ථක ආදර්ශයක් බවට පත්ව ඇති බවත් වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය. 

එම සංවාදයේ අමාත්‍ය මට්ටමේ 10 වැනි රැස්වීම චීනයේ පැවැත්වීමට නියමිතව තිබේ. දෙපාර්ශ්වය ඊට අදාළ පූර්ව සූදානම් කටයුතුවල සක්‍රිය ලෙස නිරත ව සිටින බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම