චීන-රුසියානු නායකයන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ පැවැත්ම ඉහළින් සලකන බව චීනය කියයි
2024-05-13 17:17:04
Share with:

චීන-රුසියානු නායකයන් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයෙන් දෙරටට සැපයෙන උපායමාර්ගික නායකත්වය තම රට ඉතා වැදගත් කොට සලකන බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව පැවසුවේ රුසියානු ජනපති චීනයේ සංචාර‍යකට එක්වීම පිළිබඳ පුවතක් සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. දෙරට සබඳතාව උදෙසා බාධාවලින් තොර, ස්ථාවර සංවර්ධන පැවැත්මක් සහතික කිරීමට ද්විපාර්ශ්වික සමීප හුවමාරු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා දෙරට නායකයන් එකඟ වී ඇතැයි ද Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම