යළි වැඩ භාරගත් රුසියානු නව අගමැතිට චීන අගමැතිගෙන් සුබ පැතුම්
2024-05-13 09:34:43
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රුසියානු අගමැති ලෙස නැවත වැඩ භාර ගැනීම පිළිබඳව Mikhail Mishustin මහතා වෙත ඊයේ(12) සුබ පැතුම් එක් කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ උපාය මාර්ගික මගපෙන්වීම යටතේ, නව යුගයක් සඳහා සම්බන්ධීකරණයේ චීන-රුසියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති බව Li Qiang මහතා සිය පණිවුඩයේ සඳහන් කළේය.

දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව ගැඹුරු වී ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගතාව ක්‍රමානුකූලව ඉදිරියට ගොස් තිබේ. පිරිස් හුවමාරුව වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින අතර එමඟින් දෙරටට සහ ඔවුන්ගේ ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලැබී ඇති බව Li Qiang මහතා පෙන්වා දී ඇත.

චීන-රුසියානු සබඳතාවන්හි අරුත ඵලදායී කිරීමට සහ දෙරට අතර ප්‍රායෝගික සහයෝගතාව ශක්තිමත් කිරීමට නව දායකත්වයන් ලබා දීම සඳහා රුසියානු අගමැති Mishustin මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට තමා සූදානම් බව Li Qiang මහතා පැවසීය.

 

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම