2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වර්ධනය වනු ඇතැයි ජනපති කියයි
2024-05-13 16:43:20
Share with:

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින්, ඊයේ (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පවත්වන ලද ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

අපනයන ආර්ථිකයක් සමග රටේ සමස්ත ආර්ථිකය ශීඝ්‍ර සංවර්ධනයක් කරා රැගෙන යාම සඳහා ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. ඒ අතරින්, මහබැංකුවට ස්වාධීනත්වය ලබා දීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර තිබේ. ඊට අමතරව,  රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ලබන ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය.

රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා සියලුදෙනා එක් ව ක්‍රියා කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම