රුසියානු නව රජයේ ව්‍යූහයට එරට ජනාධිපතිවරයා‍ ගේ අනුමැතිය
2024-05-12 15:46:52
Share with:

රුසියානු නව රජයේ ව්‍යූහය එරට ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අනුමත කරයි.පළමු උප අගමැති තනතුරකින් සහ සෙසු උප අග්‍රාමාත්‍ය තනතුරු නවයකින් එය සමන්විතයි. නව රජයේ ව්‍යූහයට අනුව එහි නියෝජිතයින් අතර වගකීම් බෙදා දීමේදී වෙනසක් දැකිය හැකි  අතර, ඔවුන්ගෙන් එක් අයෙකු රුසියානු සමූහාණ්ඩුව සහ ඈත පෙරදිග ෆෙඩරල් දිස්ත්‍රික්කයේ ජනාධිපති පූර්ණ බලතල සහිත නියෝජිතයා ලෙස‍ට කටයුතු කරනු ඇත.

රජයේ විධායක කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියාගේ භූමිකාව  ඉටුකරන නියෝජ්‍ය අගමැතිවරයකු ද නව රජයට ඇතුළත් වෙයි.යළි ධුරයට පත්කර ඇති අගමැති මිහායිල් මිෂුස්ටින් ඔහුගේ නියෝජ්‍ය අපේක්ෂකයින් රාජ්‍ය ඩූමා මණ්ඩලයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක ඒජන්සිවල ප්‍රධානීන් සහ විදේශ ඇමතිවරයා හැර ෆෙඩරල් අමාත්‍යවරුන් ලෙසට පත්කෙරන අය පිළිබද යෝජනා ද ඔහු විසින් ඉදිරිපත් කළ යුතුව ඇත. ජනාධිපතිවරයා මැයි 7 වෙනිදා‍ ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු නීතියට අනුව රුසියානු රජය ඉල්ලා අස්විය. එහෙත් නව රජය පත්වන තුරු ඔවුහූ තම රාජකාරීවල අඛණ්ඩව නිරතව සිටිති.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම