චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, පසුගිය 5වැනිදා සිට 10වැනිදා දක්වා ආරාධනාවන්ට අනුව, ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල් 3නේ නිල සංචාර නිරත විය. බොහෝ රටවල පුද්ගලයන් පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතාගේ යුරෝපා සංචාරය, චීන-යුරෝපා සංගම් සබඳතා, ලෝක සාමය සහ සංවර්ධනය සඳහා ඉතා වැදගත් බවයි.

සර්බියානු ආසියානු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ, ගෝලීය ගැටලු සංවාදයෙන් සහ සහයෝගීතාවයෙන් විසඳා ගැනීමට චීනය යෝජනා කරන බවයි. චීනය සමඟ පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනඟන පළමු යුරෝපීය රට බවට සර්බියාව පත් විය. මෙය ෂී ජින් පිං මහතාගේ සංචාරයේ වැදගත් ප්‍රතිඵලවලින් එකක් බව ඇය පැවසුවා ය.

හංගේරියානු ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ, වඩාත් වැඩි චීන ආයෝජකයින් හංගේරියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

බ්‍රසීල ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂඥයෙකු සඳහන් කළේ, චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජන මාලාවක්, ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම, ලෝක සාමය සහතික කිරීම සඳහා ද ඉතා වැදගත් වන බවයි.