යුක්රේනයට ආරක්ෂාව සපයන පො‍රොන්දු පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ එකඟත්වය
2024-05-12 16:49:40
Share with:

යුක්රේනයට ආරක්ෂාව සපයන පො‍රොන්දු පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ රටවල් 27ක් එකඟතාවට පැමිණ තිබේ. ඒ, දිගුකාලීනව යුක්රේනයට යුද හා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙනි. මේ වනවිට එම කෙටුම්පත පිළිබඳව යුරෝපා සංගමය හා යුක්රේනය සාකච්ඡා කරමින් සිටී.

පසුගිය වසරේ ජූලි මස පැවති NATO සමුළුවෙන් පසු ජී 7 කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගයන් ලබා දෙන බවයි. ජාතික ආරක්ෂාව ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවලට සහාය ලබාදීම ඊට ඇතුළත් ය. ඒ සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කළේ ආදළ පියවර මගින් කලාපීය උණුසුම් තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම