වාහන ආනයනය සඳහා ලබන වසරේ සිට අවසර ලැබෙන ලකුණු
2024-05-12 16:02:02
Share with:

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.රජය තෝරගත් පිරිසකට වාහන ආනයනය කිරීමට  අවසර ලබා නොදෙන අතර මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවද ඇමතිවරයා කීය. ආර්ථිකයට යම් දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට පමණක් එම අවසරය හි‍මිව ති‍‍බේ. රට තුළ පවතින ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම