පැනමාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ José Raúl Mulino මහතා වෙත චීන ජනාධිපතිවරයාගෙන් සුබ පැතුම්
2024-05-11 20:06:09
Share with:

පැනමාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ José Raúl Mulino මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සුබ පතයි.

පසුගිය දා José Raúl Mulino මහතා පැනමා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය සහ පැනමාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2017 වසරේ ජුනි මාසයේදී  ස්ථාපිත කෙරිණ. ගෙවුණු වසර 7 තුළ ද්විපාර්ශ්වික සම්බන්ධතා සීග්‍රයෙන් වර්ධනය වෙමින් සරු ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කරයි. චීන-පැනමා සබඳතා ඉදිරියට ගෙන යාම සහ එකම චීනය යන මූලධර්මයේ එල්බ සිටීම දෙරටේ සමාජයන්හි පොදු පිළිගැනීම බවට පත්ව තිබේ. චීන-පැනමා සබඳතා ඉතා වැදගත් කොට සලකන බවත්, දෙරටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් José Raúl Mulino මහතා සමග එක්ව කටයුතු කිරීමට කැමති බවත්, චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම