රටේ ආයෝජන පරිසරය කැපී‍ පෙනෙන අන්දමින් යහපත් අතට පත් වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි
2024-05-11 15:57:06
Share with:

වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා විශාල ගුණයකින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවද හෙතෙම කියා සිටී.

ආයෝජන රට තුළට පැමිණීමට නම් රටේ දේශපාලන ස්ථාවරභාවය, මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අනාගතය පිළිබඳ නිශ්චිතතාවයත් පැවතිය යුතු බවත්, මේ වන විට රටට ආයෝජන පැමිණෙමින් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම