තේ පොහොර සහනාධාරය, අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහාද පිරිනැමීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්
2024-05-11 16:02:55
Share with:

අක්කර 10ක තේ වතු සදහා පමණක් දැනට පිරිනමන තේ පොහොර සහනාධාරය, අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහාද පිරිනැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

ඊට සමගාමීව, තේ සඳහා යොදනු ලබන පොහොර වර්ග තුනක මිල ගණන් වෙළෙඳ පොළේ පවතින මිල ගණන්වලට වඩා 50%කින් අඩු කිරීමටද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ. තේ අස්වැන්න ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම