ඇමරිකාව පිලිපීනයේ අතරමැදි මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි
2024-05-11 20:02:30
Share with:

ඇමරිකාව මෑතකදී පිලිපීනයේ අතරමැදි මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි. චීන විදේශ උප ඇමති Sun Weidong මහතා, ඊයේ(10) ඉන්දුනීසියාවේ Jakarta හි පැවති 30 වැනි චීන-ආසියාන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශන රැස්වීමට  එක් වීමෙන් පසු, මේ පිළිබඳ අදහස් දැක්වීය.

ඇමරිකානු ප්‍රවේශය, කලාපීය ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ හෙළීමක් වන අතර, එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය බරපතල ලෙස කඩාකප්පල් කරන්නක් බව ද, Sun Weidong මහතා සඳහන් කළේ ය. ඇමරිකානු ප්‍රවේශය ඉතිහාසයේ ගමන් මග බරපතල ලෙස ආපසු හැරවීමක් වන අතර, මෙය කලාපයේ රටවල ජනතාවගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ පොදු අපේක්ෂාවන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවකි.

සීතල යුද  ආකාරයේ කඳවුරු ගැටුම් මෙම කලාපයේ නැවත ඇතිවීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්, කලාපීය රටවල් ආධිපත්‍යයේ මෙවලම් සහ ඒජන්තයින් ලෙසට ඇමරිකාව භාවිත කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බවත්, චීන විදේශ උප ඇමතිවරයා පැවසීය.

ආසියාන් සංවිධානයට උපායමාර්ගික ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට චීනය සහාය දක්වයි. කලාපීය රටවල් සමඟ, පොදු උපදේශන, ඉදිකිරීම් සහ බෙදාගැනීම් මත පදනම්ව ආසියානු සුරක්ෂිත මාවතට ගමන් කිරීමට මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, Sun Weidong මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම