ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කරන ලෙස‍ට ජනාධිපතිවරයා ගෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස්
2024-05-11 15:43:20
Share with:

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් හා සංවේදීව කටයුතු කරන බවත්, විවිධ වයස් තලයන්ගේ පොලි ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා මේ ගැන විශ්ලේෂණයක් සිදුකරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම