චීනය නෑදෑයෙකු හා මිතුරෙකු ලෙස සලකන බව හංගේරියානු අගමැතිවරයා පවසයි
2024-05-11 10:37:22
Share with:

හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා හංගේරියාවේ නිල සංචාරයක නිරත විය. එම කාලය තුළ, චීන මාධ්‍ය සමූහය හංගේරියානු අගමැති Viktor Orbán මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

හංගේරියාව චීනය තර්ජනයක් ලෙස නොසලකන අතර, මුල සිට ම චීනය නෑදෑයෙකු හා මිතුරෙකු ලෙස සලකන බව Viktor Orbán මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. ලෝක ආර්ථික වර්ධනයට නව එන්ජීමක් වන චීනයේ කැපී පෙනෙන සංවර්ධනය සෙ‍සු රටවලට වඩාත් සංවර්ධන අවස්ථා ‍ලබා දෙන අතර එය  මුළු ලෝකයටම හිතකර වන බව ඔහු කීය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැංවීම, නිවැරදි මාර්ගයක් බවත් සම්බන්ධතා බිඳ දැමීම වෙනුවට සන්‍නිවේදනය පුළුල් කරමින් සහයෝගයෙන් යහපැවැත්මෙන් කටයුතු කළ යුතු බවත් හංගේරියානු ජනතාවගේ ස්ථිර විශ්වාසයයි. එම වැඩපිළිවෙලේ වැදගත්කම, ව්‍යාපෘති ජයග්‍රහණ තුළින් පමණක් නොව, එහි මතවාදී දායකත්වයෙන් ද පිළිබිඹු වේ. එනම්, ඉදිරි දශක ගණනාවක් තුළ ගෝලීය අනුපිළිවෙල ගොඩනැගීම පිළිබඳව ඉන් මානව වර්ගයාට මාර්ග පෙන්වා දුන් බව හෙතෙම විග්‍රහ කළේය.

ඇතැම් යුරෝපා රටවල් හුවාදක්වන “චීනයේ අතිරික්ත නිෂ්පාදන ධාරිතාව”යන ඊනියා මතවාදය සම්බන්ධයෙන් ද Viktor Orbán මහතා අදහස් දැක්වීය. කිසියම් ක්ෂේත්‍රයක ප්‍රථම ස්ථානය දිනාගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා කළ යුත්තේ තම ශක්තිය දියුණු කිරීම මිස වෙනත් පාර්ශ්වයක සංවර්ධනයට බාධා පැනවීම නොවන බව ඔහු අවධාරණය කළේය.

සහයෝගය, සන්නිවේදනය සහ විදේශ වෙළඳ‍පො‍ලවලින් තොරව, හංගේරියානු ජනතාවගේ ජීවිත තත්ත්වය සැනෙකින් පහත යනු ඇති බවත්, වෙළඳපොල, සහයෝගය මෙන්ම සාධාරණ තරඟය රටට අවශ්‍ය බවත් Viktor Orbán මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම