චීන ජනාධිපතිවරයාගෙන් පාසල් හා විශ්වවිද්‍යාල මතවාදී හා දේශපාලන පාඨමාලාව සකස් කිරීමට වැදගත් උපදෙස්
2024-05-11 19:36:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී පාසල් හා විශ්වවිද්‍යාල මතවාදී හා දේශපාලන පාඨමාලාව සකස් කිරීම පිළිබඳව වැදගත් උපදෙස් දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරසරව මතවාදී හා දේශපාලන පාඨමාලාව ගොඩනැගීම සකස් කිරීම අධ්‍යාපන කටයුතුවල වැදගත් ස්ථානයේ තබා ඇත. ඉන් මතවාදී හා දේශපාලන පාඨමාලාව සංවර්ධන පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.

නව යුගයේ මතවාදී හා දේශපාලන පාඨමාලාව ගොඩනැගීම සකස් කිරීම වෙනුවෙන් පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුගමණය කරමින් නව යුගයේ චීන ලක්ෂණවලින් යුතු සමාජවාදී සංකල්පය කේන්ද්‍රීය කර ගන්නා පාඨමාලා පද්ධතිය ගොඩනැගිය යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ස්ථීර දේශපාලන ස්ථාවරය, නව චින්තනය, පුළුල් දැක්ම, යහපත් ස්වභාවය සහිත මතවාදී සහ දේශපාලන පාඨමාලා ගුරුවරුන් කණ්ඩායමක් බිහි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

නව යුගයේ පාසල් මතවාදී සහ දේශපාලන පාඨමාලාව ගොඩනැගීම සැකසීම ප්‍රවර්ධන කිරීමේ සමුළුව අද(11) බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපලාන කාර්යංශයේ සාමාජික උප අගමැති Ding Xuexiang මහතා එහිදී ෂී ජින් පිං මහතාගේ උපදෙස්  පැහැදිලි කළේය.

Ding Xuexiang මහතා පැවසුවේ ෂී ජින් පිං මහතාගේ උපදෙස් ගැඹුරින් අධ්‍යයනය කරමින් මතවාදී හා දේශපාලන පාඨමාලාව පක්ෂයේ අධ්‍යාපනය කටයුතුවල වැදගත් ම කාර්යයක් ලෙසට සලකන බවයි. නව යුගයේ අධ්‍යාපන මෙහෙවරට ගලපමින් පාඨමාලාව ගොඩනැගීම සකස් කිරීම හා පක්ෂයේ නිර්මාණශීලි සංකල්පය ප්‍රවර්ධනය කළ යුතුය. මතවාදී හා දේශපාලන පාඨමාලා උගන්වන ගුරුවරුන් බිහි කිරීම ශක්තිමත් කරමින් ගුරුවරුන්ගේ ගරුත්වය, ආදායම හා පහසුකම් සහතික කිරීමේ ක්‍රමය ප්‍රශස්ත කළ යුතු බව Ding Xuexiang මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම