තම රජය ඊශ්‍රායලයට සැපයූ ආයුධවලින් ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වී ඇතැයි ඇමරිකාව කියයි
2024-05-11 09:42:47
Share with:

ඇමරිකාව විසින් ඊශ්‍රායලයට සපයන ලද අවි ආයුධ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සඳහා භාවිත කළ බව පැවසීම හේතුසහගත බව ඇමරිකානු රජය පවසයි. ජෝ බයිඩන් පරිපාලනය ඊයේ (11) වාර්තාවක් නිකුත් කරමින් මේ බව කියා සිටියේය. 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කර කොංග්‍රසයට භාර දෙන ලද එම වාර්තාවේ දැක්වෙන්නේ ඇමරිකාව විසින් භාවිත කිරීම අනුමත කළ අවිආයුධ පිළිබඳ තොරතුරු ඊශ්‍රායලය ඇමරිකාව සමග බෙදාගෙන නොමැති බව යි. එසේම, හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා සිට අප්‍රේල් අග දක්වා කාලය තුළ ඇමරිකාව විසින් ඊශ්‍රායලයට සපයන ලද ආයුධ, ගාසා තීරයේ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් සඳහා විශේෂයෙන් භාවිත කර ඇති බව ද එහි දැක්වේ.

"කෙසේවෙතත්, ඊශ්‍රායලයේ බොහෝ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ මෙහෙයවීම් මත සිදුවන බවත්, ඒවා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන් හා සම්බන්ධ බව" ත් එම වාර්තාව මගින් පෙන්වා දෙනු ලැබ තිබේ.

තම හමුදා මෙහෙයුම්වල දී සාමාන්‍ය ජනතාවට සිදුවන හානි අවම කිරීම සඳහා අවශ්‍ය මනා දැනුම, අත්දැකීම් සහ උපකරණ ඊශ්‍රායලය සතු ය. එහෙත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එම දැනුම නිසි ලෙස භාවිත කළේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතුවන බව ද ඇමරිකානු වාර්තාවේ සඳහන් වේ. 


 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම