පලස්තීනයට සාමාජිකත්වය ලබා දීම සඳහා වන යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ අනුමැතිය
2024-05-11 09:06:36
Share with:

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන පලස්තීන ඉල්ලීමට සහය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඊයේ(10) යෝජනාවක් සම්මත කළේය. එම යෝජනාවට අනුව සාමාජිකත්වය සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති බව පිළිගැනීමත්, ආරක්ෂක මණ්ඩලයට අදාළ ඉල්ලීම පිළිබඳ යළි සලකා බලන ලෙස නිර්දේශ කිරීමත් සිදු විය.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 143ක් ද, විපක්ෂ ඡන්ද 9ක් ද ලැබී ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර රටවල් 25ක් ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. 

2012 වසරේ සිට පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙස සලකා ඇත. අදාළ යෝජනාව මගින් පලස්තීනය එක්සත් ජාතීන්ගේ රාජ්‍යයක් ලෙස සාමාජිකත්වයට සුදුසු බව තීරණය කරයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, නව සාමාජිකයින් සාමයට පක්ෂපාතී විය යුතු අතර, නව සාමාජිකයින් බඳවා ගැනීමේ දී අවසාන අනුමැතිය සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයක් ද අවශ්‍ය වනු ඇත. 

 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් සම්මත කෙරුණු එම ඓතිහාසික යෝජනාවේ සම ඉදිරිපත් කිරීමට චීනය එක්වූ බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ ට්සොන්ග් මහතා ප්‍රකාශ කළේය. චීනය එම යෝජනාව සම්මත කිරීම පිළිගන්නා බවත් ආරක්ෂක මණ්ඩලය පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වීම පිළිබඳ යළි සලකා බැලීමට සහාය වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම