චීනය සහ ඇමරිකාව අතර දේශගුණික ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
2024-05-11 10:13:00
Share with:

21වන සියවසේ 20 දශකයේ දේශගුණික ගැටළුවලට මුහුණදීම වැඩි දියුණු කිරීම පිළිබඳ චීන ඇමරිකා ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම පසුගියදා ඇමරිකාවේ වොෂින්ටන් හි දී පැවැත්විණ. දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ කටයුතු පිළිබඳ චීන විශේෂ නියෝජිත Liu Zhenmin මහතා සහ ජාත්‍යන්තර දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ ඇමරිකා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක  John Podesta මහතා මෙම රැස්වීමේ සම මුලසුන් දැරූහ.

මෙහිදී බලශක්ති පරිවර්තනය, මීතේන් සහ අනෙකුත් කාබන්ඩයොක්සයිඩ් නොවන හරිතාගාර වායු, චක්‍රීය ආර්ථිකය සහ සම්පත් කාර්යක්ෂමතාව, අඩු කාබන් සහිත පළාත්, ප්‍රාන්ත සහ නගර යන ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත. දේශගුණික අර්බුදයට සහ එහි බලපෑම්වලට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා දෙපාර්ශ්වය සිය දේශගුණික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් හා අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම