චීනයේ නව බලශක්තියෙන් විදුලි නිෂ්පාදනය තවදුරටත් වර්ධනය වෙයි
2024-05-10 11:11:50
Share with:

මේ වසරේ මුල් කාර්තුවේ චීනයේ පුනර්ජනනීය බලශක්ති මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ අනුපාතය තවදුරටත් ඉහළ යයි.

එම ප්‍රමාණය කිලෝවොට් පැය බිලියන 687.5 ක් දක්වා ළඟා වූ අතර, එය රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 30.7% කි. නවතම දත්ත වාර්තාවන් හි මේ බව දැක්වේ.

වසරේ මුල් කාර්තුව තුළ රටේ විදුලි පරිභෝජනය වැඩි වී ඇතත්, ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම අඩු වී ඇත. එසේම, නව බලශක්ති මගින් විදුලිය නිෂ්පාදනය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි චීන ගල්අඟුරු කර්මාන්ත සංගමය සඳහන් කරයි. චීනයේ බලශක්ති ව්‍යුහය තවදුරටත් වැඩිදියුණු වනු ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

අදාළ දත්තවලට අනුව, පළමු කාර්තුවේ චීනයේ ගල් අඟුරු නිෂ්පාදනය ටොන් බිලියන 1.11 ක් වූ අතර, එය ඉකුත් වසරේ සමාන කාලයට සාපේක්ෂව 4.1% කින් අඩු වී ඇත. එසේම, පළමු කාර්තුවේ දී චීනයේ සුළං සහ ප්‍රකාශ වෝල්ටීයතා බලශක්ති නිපැයුම කිලෝවොට් පැය බිලියන 425.3 ක් වූ අතර, එය 25% ක වර්ධනයක් වීම කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම