ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ
2024-05-10 19:38:39
Share with:

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහාය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙගාවොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි වේ.

මෙම ව්‍යාපෘති දෙක කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මකයි.

ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වූ අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම