ඇමරිකානු සහාය නැතත් ප්‍රහාර අඛණ්ඩව--ඊශ්‍රායල අගමැති
2024-05-10 10:00:34
Share with:

රෆා අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එරටට අධිබර උණ්ඩ බෙදාහැරීම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා තීරණය කරයි. ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම් Lloyd Austin මහතා ඉකුත් 8 වැනිදා මේ බව පැවසීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා ඊයේ (9) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඊශ්‍රායලය දැනට වඩාත් ශක්තිමත් වී ඇති අතර, ඇමරිකානු සහාය නොලැබුණ ද තනිව සටන් කරන බවයි.

මේ අතර, ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවති සටන් විරාම සාකච්ඡා බිඳ වැටුණු බව ද ඊශ්‍රායල නිලධාරියෙක් ඊයේ (9) ප්‍රකාශ කළේය. කයිරෝ ප්‍රවෘත්ති මධ්‍යස්ථානයට අනුව, ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා අඩාල වූ පසු හමාස් සංවිධානය, ඊශ්‍රායලය, කටාර් සහ ඇමරිකාව යන පාර්ශ්ව නියෝජනය කළ පිරිස ඊජිප්තුවෙන් පිටත් ව ගොස් ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම