චීන ජනාධිපතිවරයා ගේ හං‌ගේරියානු සංචාරයේදී සහයෝගතා ලියවිලි රැසකට අත්සන් තැබේ
2024-05-10 03:07:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හං‌ගේරියානු සංචාරයේදී සහයෝගීතා ලියවිලි රැසකට අත්සන් තැබිණ.

චීන ජනාධිපතිවරයා පසුගිය 8වැනිදා සිට අද (10) දක්වා දින තුනක් හං‌ගේරියාවේ නිල සංචාරයක නිරත විය. එම කාලයේ දී චීනය හා හංගේරියාව අතර සහයෝගීතා ලියවිලි රැසකට අත්සන් ‍තැබීම සිදු කර ඇත.

‘නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැඟීම පිළිබඳ වූ චීන මහජන සමූහාණ්ඩුව සහ හංගේරියාව අතර ඒකාබද්ධ ප්‍රකාශය’ ඒ අතරින් ප්‍රධාන වේ.

එමෙන් ම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, දෙරට අතර සංස්කෘතික, කෘෂිකාර්මික, ආර්ථික, මූල්‍ය, වාණිජ, රේගු කටයුතු, විද්‍යා හා තාක්ෂණ සහ මාධ්‍ය සහයෝගිතා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ලියවිලි රැසකට චීනය හා හංගේරියාව අත්සන් තබා ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම