චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පෙං ලියුඅන් ආර්යාව වෙනුවෙන් හංගේරියාවෙන් සමුගැනීමේ උත්සවයක්
2024-05-10 22:24:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පෙං ලියුඅන් ආර්යාව වෙනුවෙන් හංගේරියාව සමුගැනීමේ උත්සවයක් පවත්වයි.

අද (10) දහවල් හංගේරියානු අගමැති Viktor Orbán මහතා සහ ආර්යාව එම සමුගැනීමේ උත්සවය පැවැත්වූහ.එහිදී Viktor Orbán මහතා Budapest අගනගරයේ ඉතිහාසය, සංවර්ධනය සහ ඉදිරි සැලසුම් පිළිබඳව චීන ජනාධිපතිවරයා හා ආර්යාවට හඳුන්වා දුන්නේ ය. චීන ව්‍යවසායන් හංගේරියාවේ ආර්ථික සංවර්ධනයට සහ නාගරික ඉදිකිරීම් සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇති බවත්, චීනය විසින් සිදු කරන ලද බොහෝ ව්‍යාපෘති දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රමුඛ ව්‍යාපෘති හා මිත්‍රත්වයේ සංකේත බවට පත්ව ඇති බවත්, Viktor Orbán මහතා කියා සිටියේ ය.චීනය සමග වඩාත් සහයෝගිතා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද හංගේරියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගෙවුණු වසර 15 තුළ හංගේරියාව ලද සංවර්ධන ජයග්‍රහණ සම්බන්ධයෙන් සතුටු වන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. චීනය සහ හංගේරියාව අතර පැවති හුවමාරු සහ සහයෝගීතාව චීනය ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය සඳහා දායක වී ඇත. හංගේරියාව සමග එක්ව ආර්ථික හා තාක්ෂණික හුවමාරු සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී.  එමගින් දෙරට වඩාත් වැඩි සංවර්ධන ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් දෙරටේ ජනතාව වෙනුවෙන් වඩාත් සුන්දර ජීවිතයක් උදා කර දීමටත් හැකි වෙතැයි චීන ජනාධිපතිවරයා පැවසීය. හංගේරියාවේ වැඩි කාලයක් රැඳී නොසිටියත් සිය හංගේරියානු සංචාරය මගින් දෙරට බොහෝ කරුණු පිළිබඳව එකඟතාවන්ට පැමිණ ඇති බවද හෙතෙම කීය.නව යුගයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සම්බන්ධතාවක් ගොඩ නැගීමට දෙරට තීරණය කර තිබේ. Viktor Orbán අග්‍රාමාත්‍යවරයා සමග සමීප සම්බන්ධීකරණයක් පවත්වමින් චීන-හංගේරියානු සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා කියා සිටි‍යේ ය. චීන-හංගේරියානු සම්බන්ධතා කෙරෙහි තමන් පූර්ණ විශ්වාසයක් තබන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම