හංගේරියා-චීන ද්විභාෂා පාසල නැරඹීමට චීන ජනාධිපති ආර්යාව එක් වෙයි
2024-05-10 04:00:55
Share with:

චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය හා හංගේරියා අගමැති ආර්යාව ඊයේ(9) පස්වරුවේ  Budapest අගනුවරදී හංගේරියා-චීන ද්විභාෂා පාසල නැරඹීමට එක් වූහ.

චීන භාෂා පාඩම, කඩදාසි නිර්මාණ, චීන විචිත්‍ර අක්ෂර කලාව ඇතුළු චීන සාම්ප්‍රදායික සංස්කෘතික පාඩම් සිදු කරන අයුරු නරඹමින් පෙං ලියුවාන් මහත්මිය හා හංගේරියා අගමැති ආර්යාව සිසුන් සමග සමීපව අදහස් හුවමාරු කර ගෙන තිබේ. හංගේරියා-චීන ද්විභාෂා පාසල දෙරටේ මිතුදමෙහි සංකේතයක් වන බව පෙං ලියුවාන් මහත්මිය එහිදී පැවසුවාය. සිසුන් චීන භාෂාව හා චීන සංස්කෘතිය මනා ලෙස ඉගෙන ගනිමින් චීනයේ සංචාරය කිරීම හෝ අධ්‍යාපනය ලබමින් දෙරටේ මිතුදම ප්‍රවර්ධනය කිරීමට සක්‍රීය ලෙස කැප වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙං ලියුවාන් මහත්මිය ප්‍රකාශ  කළාය.

2004 වසරේ ස්ථාපිත කළ හංගේරියා-චීන ද්විභාෂා පාසල, චීන සහ හංගේරියා යන භාෂා දෙකම භාවිත කරමින් ඉගැන්වීම් සිදු කරන වසර 12ක අධ්‍යයන කාලයක් සහිත රජය සතු ද්විභාෂා පාසලක් ලෙස වැඩි දියුණු කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම