චීන මහජන සමූහාණ්ඩුව සහ හංගේරියාව අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිතුක් කෙරේ
2024-05-10 03:27:02
Share with:

චීන මහජන සමූහාණ්ඩුව සහ හංගේරියාව අතර නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ගොඩනැඟීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ප්‍රකාශයට පත් කෙරේ.

හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන්, චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා 8 වැනිදා සිට 10 වැනිදා දක්වා එරට නිල සංචාරයක නිරත විය.

දෙරට රාජ්‍ය නායක දෙපළ උණුසුම් මෙන්ම මිත්‍රශීලී වාතාවරණයක සාර්ථකව සාකච්ඡා සිදු කර ඇත. චීන-හංගේරියානු සබඳතා,දෙරටේ ජනතාවගේ සාම්ප්‍රදායික මිතුදම සහ පොදු අවධානයට යොමු වූ ජාත්‍යන්තර සහ කලාපීය කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් දෙපාර්ශ්වය පොදු එකඟතාවයකට පැමිණ තිබේ.

2017 වසරේ ස්ථාපිත කළ දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්ව සබඳතාව දෙපාර්ශ්වය ඉහළින් අගය කරයි. උසස් මට්ටමේ හුවමාරු හා දේශපාලන විශ්වාසය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය වාසි ගෙන දෙන සහයෝගිතා ශක්තිමත් කිරීම මගින් දෙරටේ ජනතාවට සුභසෙත සැලසීම දෙපාර්ශ්වයේ අපේක්ෂාවයි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්ව සබඳතාව, නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය තීරණය කර ඇත.

ඒ අනුව චීන මහජන සමූහාණ්ඩුව සහ හංගේරියාව පහත සඳහන් කරුණු ඒකාබද්ධව ප්‍රකාශ කර ඇත.

1. ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික අවස්ථා ප්‍රයෝජනයට ගෙන දෙරට රාජ්‍ය නායකයන්ගේ හමුව සක්‍රිය ලෙස පැවැත්වීමෙන් රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික නායකත්වය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළහ.

2. ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාවය රැක ගැනීමට දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දෙනු ඇත. හංගේරියා රජය දැඩි ලෙස එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන අතර ලෝකයේ පවතිනුයේ එකම චීනය බව අවධාරණය  කරයි.

3. උසස් මට්ටමේ නිලධාරීන් අතර හුවමාරු හා රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීම ශක්තිමත් කිරීමට සහ උපායමාර්ගික හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කිරීමට චීනය හා හංගේරියාව බලාපොරොත්තුවෙන් සිටී.

4. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ දෙරටේ ආර්ථික සංවර්ධනය හා ජන ජීවිතය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවට දෙපාර්ශ්වය එකඟත්වය පළ කරති.

5. වඩාත් වැඩි චීන සමාගම් හංගේරියාවේ ආයෝජනය කිරීම පිළිගනිමින් ඒ වෙනුවෙන් යහපත් ආයෝජන හා ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට හංගේරියාව කැමැත්තෙන් සිටී.

6. චීන ලක්ෂණවලින් යුතු නවීකරණයෙන් දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතාවට නව අවස්ථා සැපයෙනු ඇත. ප්‍රායෝගික සහයෝගිතා හා ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ මූලික ප්‍රතිලාභයට ගැළපෙන බව දෙපාර්ශ්වය විශ්වාස කරති.

7. චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ව්‍යාපෘතියේ ප්‍රතිඵල ඉහළින් අගය කරන අතර දෙරට චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහයෝගිතා ක්‍රමය ‌තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වෙති.

8. අන්තර්ජාතික වෙළඳාම පහසු කිරීම වෙනුවෙන් චීන-යුරෝපා ගොඩබිම්-මුහුදු අධිවේගී මාර්ගයේ රේගු නිෂ්කාශන පහසුකම් සඳහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වෙති. එමෙන්ම හංගේරියාවේ අධිගුණාත්මක නිෂ්පාදන හා සමාගම් චීන වෙළඳපොළට ප්‍රවේශ වීම චීනය පිළිගනී.

9. කෘෂිකාර්මික, මූල්‍ය, මානව, සංචාරක, අධ්‍යාපන, විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්ව සහ මිත්‍රශීලි නගර ස්ථාපිත කිරීම යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා දෙපාර්ශ්වය තවදුරටත් පුළුල් කරති.

10. විවෘතභාවය, වෙනස්කම් පිළිගැනීම, අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහය යන මූලධර්මය අනුගමනය කරමින් චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල් අතර සහයෝගිතාව ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටිති.

11. චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය, පොදුවේ ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම හා ආර්ථික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට කැප වන බවට චීනය යළි ප්‍රකාශ කරයි.

12. සංවාද හා සාකච්ඡා ඔස්සේ සාමකාමී ලෙස රටවල් අතර ගැටළු විසඳීමේ වැදගත්කම දෙපාර්ශ්වය අවධාරණය කරති.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම