චීන ජනපති සහ හංගේරියානු අගමැති අතර සාකච්ඡාවක්
2024-05-10 02:40:01
Share with:

චීන ජනපති ෂී ජින් පිං මහතා සහ හංගේරියානු අගමැති Viktor Orbán මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ඒ හංගේරියානු වේලාවෙන් ඊයේ(9) පස්වරුවේ Budapest අගනුවර පිහිටි අගමැති මන්දිරයේ දී ය. චීන-හංගේරියා සබඳතාව, නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා  ඉහළ නංවන බව එහිදී නායක දෙපළ ප්‍රකාශ කළහ.

වර්තමානය චීන-හංගේරියානු සබඳතා ඉතිහාසයේ ප්‍රශස්තම කාලපරිච්ඡේදයයි. චීන-හංගේරියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය මේ වනවිටත් ඉහළ මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා තුළින් ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පැවසීය. චීනය සහ හංගේරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් කෙරේ. එය දෙරටේ සබඳතා සංවර්ධනය වැදගත් අවස්ථාවක් උදාකර දී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය. නව යුගය සඳහා ගැළපෙන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීම ප්‍රයෝජනයට ගනිමින්, දෙරට අතර සහයෝගීතාවයට නව සහ බලවත් ජීවයක් එක් කළ යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය.

චීන තායිවානය, හොංකොං සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් චීනයට ස්ථීර සහයෝගය ලබා දෙන හංගේරියාව, චීනය කෙරෙහි සෑම විටම මිත්‍රශීලී ප්‍රතිපත්ති අනුගමනය කිරීම ද චීනය අගය කරයි. සිය රටට ගැළපෙන සංවර්ධන මාවතක් ඔස්සේ රට දියුණු කිරීමට චීනය හංගේරියාවට ප්‍රබල සහයක් ලබා දෙන අතර, එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන අභිප්‍රායන් සඳහා ස්ථිරව සහයෝගය දැක්වීමට හංගේරියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

මෙම වසරේ දෙවන භාගයේ යුරෝපා සංගම් වාරික සභාපති රට ලෙස කටයුතු කරන හංගේරියාව, චීන-යුරෝපා සංගම් සබඳතාවල ශක්තිමත් බව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හංගේරියාවේ නිල සංචාරය උණුසුම් ලෙස පිළිගන්නා බව හංගේරියානු අගමැති Viktor Orbán මහතා එම සාකච්ඡාවේදී පැවසීය. චීන-හංගේරියා සබඳතාව, නව යුගයට ගැළපෙන සර්වකාලීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමේ ප්‍රකාශය මගින් හංගේරියානු-චීන සබඳතාවල අනාගත වර්ධනය සඳහා යහපත් දිශානතියක් පෙන්වා දී ඇත. හංගේරියානු-චීන සබඳතාවල අපේක්ෂාවන් පිළිබඳව තමා පූර්ණ විශ්වාසයකින් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

හංගේරියාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම චීනය ලබා දූන් කාලෝචිත සහ වටිනා සහයෝගය හංගේරියාව කිසිදා අමතක නොකරනු ඇත. හංගේරියාව අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ දී එකම චීනය යන මූලධර්මය දැඩිව පිළිපදින බව ද අගමැතිවරයා අවධාරණය කළේය. හංගේරියාව හා චීනය“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනගමින් විශාල ජයග්‍රහණ අත්කර ගෙන තිබේ. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ රාමුව ඔස්සේ චීනය සමඟ ආර්ථික, වෙළඳ සහ නව බලශක්ති යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමට හංගේරියාව කැමැත්තෙන් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමේදී චීනය ඉටු කරන වැදගත් කාර්යභාරය හංගේරියාව අගය කරයි. චීනයේ සංවර්ධනය යුරෝපයට අවදානමක් නොව වටිනා

 අවස්ථාවකි. මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් සහ චීනය අතර සහයෝගිතා සහ යුරෝපා සංගම්-චීන සබඳතා විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීමේ දී සක්‍රීය මැදිහත්වීමක් ලබා දීමට හංගේරියාව කැමැත්තෙන් සිටින බව ද Viktor Orbán මහතා එහිදී වැඩිදුරටත්  ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම