තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-05-10 16:13:32
Share with:

වත්මන් ලෝකයේ බහුවිධ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේදී ගෝලීය සහයෝගීතාවයේ සහ බහුපාර්ශ්විකත්වයේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ(09) අවධාරණය කළේය.

තිරසාර සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් අඩු බව Fu Cong මහතා පැවසීය. ලොව පුරා රටවල් එක්ව, බහුපාර්ශ්විකත්වයට අනුගත‍ව ක්‍රියා කළ යුතු බවත්, ගෝලීය දකුණේ සංවර්ධන හැකියාවන් සඳහා සහාය වන පුළුල් හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

චීනය සැමවිටම නවෝත්පාදන, සම්බන්ධීකරණය, හරිතකරණය, විවෘතභාවය සහ බෙදාගැනීම යන නව සංවර්ධන සංකල්පවලට අනුගතව සිටී. විශේෂයෙන්ම ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පවත්වන එකම රට චීනයයි. එම ප්‍රදර්ශනය හරහා, බොහෝ ඌන සංවර්ධිත රටවල්වල නිෂ්පාදන ශුන්‍ය තීරුබදු සහිතව චීන වෙළඳපොළට ඇතුළු වීමේ අවස්ථාව උදා වී තිබේ. එමගින් එම රටවල ආයෝජන සහ කාර්මික සංවර්ධනය ප්‍රවර්ධනය කර රැකියා අවස්ථා ඉහළ නංවා  ජනතාවගේ ජීවනෝපාය ද වැඩිදියුණු කෙරේ. එය 2030 තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා වීමට උපකාරී වන බව ද Fu Cong මහතා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම