ලෝක සාමය සඳහා වන ගමනේ චීනයේ කාර්යභාරය පිළිඹිබු කෙරෙන ෂී ජින් පිං මහතාගේ යුරෝපා සංචාරය
2024-05-10 09:04:02
Share with:

වර්තමානයේ චීනය ලොව සියලු රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවන් නිර්මාණය කර ගනිමින් සිටී. නමුත් බටහිර රටවල් බල දේශපාලනික අරමුණින් කටයුතු කිරීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී ම ගෝලීය අර්බුදයන් නිර්මාණය විය. එවැනි වටපිටාවක චීන ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරය ලෝකයට වැදගත් පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

චීන-ප්‍රංශ දශක හයක සහයෝගීතාව මෙන්ම යුරෝපා සංගමය සමඟ පනස් වසරක සම්බන්ධතාවය එළඹෙන වසරේ සනිටුහන් කිරීම ද මෙම  සංචාරය තුළින් පිළිඹිබු කෙරේ. ගෝලීය ආර්ථිකයට ශක්තියක් එක් කරමින්, චීන-යුරෝපා සහයෝගී ආර්ථික වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම ද මෙමගින් සිදු වූ බව හෙතෙම කියාසිටී. ඒ අනුව චීනය, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් සමඟ ආර්ථික සහ වෙළද ගිවිසුම් ගණනාවකට එළඹ ඇත.

එමෙන්ම මෙම සංචාරයේ දී කාලීන ජාත්‍යන්තර ගැටළු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ. ගෝලීය වශයෙන් වර්තමානයේ පවතින යුධමය තත්ත්වයන් වළක්වාලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේ සංචාරය වඩා ඵලදායී සංවාදයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. ලෝක සාමය සඳහා වන ගමනේ දී චීනයේ කාර්යභාරය වඩාත් වැදගත් මොහොතක ෂී ජින් පිං මහතාගේ මෙම සංචාරය දේශපාලනික වශයෙන් ඉතා සුවිශේෂ අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විරසුමන වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම